Hotline : 0117 270 270

තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර පාඨමාලාව

ඔබට අවශ්‍ය තොරතුරු තාක්ෂණ ශිල්පියෙක් වීමටද, රූපලාවන්‍ය ශිල්පියෙක් වීමටද, සූපවේදියෙක් වීමටද, ප්‍රමාණ සමීක්ෂණ ශිල්පියෙකු වීමටද, එසේත් නොමැති නම් මෝටර් රථ කාර්මික ශිල්පියෙකු වීමටද, මේ ආකාරයට විවිධ වූ වෘත්තියන්හි නියැලීමට අධ්‍යාපනික දැනුම, වෘතීයමය දැනුම, වෘත්තීය පුහුණු අධිකාරිය මගින් දැන් අපිට සලසා දෙනු ලබයි. එමෙන්ම මෙම ආයතනය තුළ පාඨමාලාවන් සාර්ථකව නිම කරන සිසුන් සෑම දෙනෙක් හටම ඒ ඒ පාඨමාලාවට අයත් වෘතියමය ක්ෂේත්‍රයන්හි හි පුහුණුවද ලබා දීම සිදුකරයි. එමගින් ලැබෙන පුහුණුව තුළින් ඔබට මුළු රටම පිළිගත් වෘත්තිකයෙකු වීමේ හැකියාව ලැබේ. මෙම පාඨමාලා සියල්ලම මෙහෙයමවීම සදහා ප්‍රවීණ, දක්ෂ ඇදුරු මඩුල්ලක් සිටින අතර ශිෂ්‍යයන්ගේ සුව පහසුව සදහා වායු සමනය කරන ලද දේශන ශාලා ද පවතී. ගුරුමණ්ඩලය විසින් සිසුන් හට නිවැරදිව ප්‍රායෝගික දැනුම ලබා දෙන අතර සිසුන් පිළිබදව පෞද්ගලිකවද සොයා බලනු ලබයි. අප මධ්‍යස්ථානය තුළ සිටින විවිධ ප්‍රදේශවල සිට පැමිණෙන සිසුන් ඔවුනොවුන් අතර අන්‍යෝන්‍යය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් මධ්‍යස්ථානය තුළ ගත කරන කාලය හරි අපූරුයි. මෙවැනි වෘත්තීය පුහුණූ අධිකාරියක් තුළ මටද අධ්‍යාපනය ලැබීමට ලැබීම මා ලැබූ භාග්‍යකි.

News & Events

08
Dec2017

2018 January Intake Now on

VTA has announced new students intake for the first half of the year.

03
Jan2018

120 days Special Program in Construction Trade

120 days Special Program in Construction Trade has been inaugurated in VTA Nadungolla Vocational Training Centre on 3/01/2018. View Images View Videos