ක්ෂණික ඇමතුම් : 0117 270 270

ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය (VTA) තම පුළුල් සේවාව තුල ක්‍රියාන්විතයේ නිරතව සිට අබාධයන්ට ලක්වු රණවිරුවන් වෙනුවෙන් විශේෂ වෘත්තිය පුහුණු පාඨමාලා ආරම්භ කරන ලදී. එමගින් තම විශ්‍රාම දිවිය වඩා අර්ථවත්ව ගත කිරිමටත් තම ආබාධතත්වය තමාට, තම පවුලට හෝ රටට සේවය කිරිමට තව දුරටත් බාධකයක් නොවන බව පසක් කරමින් මෙම රණවිරුවන් සවිබලගැන්විම සදහා පුහුණු කිරිමේ VTA ක්‍රියාන්විතය ආරම්භ කෙරිණි.ඒ අනුව ඉතා දක්ෂ හා පළපුරුදු උපදේශක කාර්යය මන්ඩලයක් මගින් මෙම පාඨමාලා දිවයිනේ මධ්‍යස්ථාන රැසක ක්‍රියාත්මක වේ. මේ අතර, හැදල වත්තල - රණවිරු සම්පත් කේන්ද්‍රය ප්‍රමුඛස්ථානයක් ගනු ලබන්නේ 2013 වසරේදි ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය හා ශ්‍රි ලංකා යුධහමුදාව එක්ව එලැබුනු අවබෝධතා ගිවිසුම් (MOU) ප්‍රකාරව එම වසරේ සිට මේ දක්වා පාඨමාලා 10 ක් ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කිරිමයි 


• COMPUTER APPLICATION ASSISTANT (CAA) කොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහතිකපත්‍ර පාඨමාලාව
• COMPUTER HARDWARE පරිඝණක දෘඩාංග 
• LANDCAPIST උද්‍යාන අලංකරණ තාක්ෂණ ශිල්පි
• CARPENTER ලිවැඩ කාර්මික ශිල්පි
• ALUMINUM FABRICATOR ඇලුමිනියම් පිරි සැකසුමිකරු
• MOTER CYCLE MECHANIC යතුරුපැදි කාර්මික ශිල්පි
• MOBILE PHONE REPAIR ජංගම දුරකතන අලුවැඩියා කරන්නා
• BEAUTICIAN රූපලාවන්‍ය ශිල්පි
• HAIR STYLIST කොන්ඩා සැකසුමි ශිල්පි
• RADIO &TV REPAIR ගුවන්විදුලි රූපවාහිනි සහ ආශ්‍රිත උපකරණ අලුත්වැඩියා කරන්නා

සෑම වසරකම මෙම පාඨමාලා තුලින් 230 කට අධික පිරිසක් වෘත්තිය පුහුණුව ලබමින් වෘත්තිය දැනුම ලබා ගනි. 2017 වසරේ මෙලෙස පුහුණුව ලැබු 120 දෙනෙකු වෙනුවෙන් සහතික පත්‍ර පිරිනැමිම අති උත්කර්ශවත් අයුරින් හැදල වත්තල - රණවිරු සම්පත් කේන්ද්‍රයේදි පසුගියදා පැවැත්වුනා. මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස වත්මන් යුධහමුදාපති ලුතිනන් ජෙනරාල් NUMMW සේනානායක (RWP RSP USP PSC) ,ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ (VTA) සභාපති ප්‍රධාන විධායක නිලධාරි ඉංජිනේරු (ආචාර්ය) ලයනල් පිංටු , අධ්‍යක්ෂ ජනරාල් චුලාංගනි පෙරේරා, අධ්‍යක්ෂ (පුහුණු) ශාන්ති එදිරිසිංහ යන මහත්ම මහත්මින් සහභාගි විය. 2018 වසරේදිත් VTA මෙම සේවාවන් තවත් පුළුල් කරමින් වඩා හොද පුහුණුවක් ලබා දෙන්නට සුදානම්න් සිටින අතර. රණවිරුවන්ට තම විශ්‍රාම දිවිය සතුටින් හා ශක්තිමත් ආර්ථිකයක් සහිතව ගතකරන්නට අවශ්‍ය මගපෙන්විම සපයන්නට VTA කැපවි සිටින්නෙමු.

පුවත් සහ සිදුවීම්

30
ජන2018

අබාධිත රණවිරුවන් සදහා වෘත්තීය පුහුණු පාඨමාලා

ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය (VTA) තම පුළුල් සේවාව තුල ක්‍රියාන්විතයේ නිරතව සිට අබාධයන්ට ලක්වු රණවිරුවන් වෙනුවෙන් විශේෂ වෘත්තිය පුහුණු පාඨමාලා ආරම්භ කරන ලදී. එමගින් තම විශ්‍රාම දිවිය වඩා අර්ථවත්ව...

දිවයින පුරා පිහිටි පුහුණු මධ්‍යස්ථාන