Home
Gallery
MOU signing ceremony between SLTB and VTA

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සහ ශ්‍රී ලංකා ගමනා ගමනා මණ්ඩලය අතර ඇතිකර ගත්තාවූ අවබෝධතා ගිවිසුම.

මෙම අවබෝධතා ගිවිසුමේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හා වෘත්තීය පුහුණු අධිකාරිය ඒකාබද්ධවීම තුළින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවය කරන ලබන නිලධාරීන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා තොරතුරු තාක්ෂණය සඳහා ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් පැවැත්වීම සහ ඒ සඳහා අදාළ සහතික පත්‍රයක් ලබාදීමයි.

මෙහිදී වෘත්තීය පුහුණු අධිකාරිය මගින් මෙම පාඨමාලාවේ ආයතනික පුහුණුව ලබාදීම සඳහා අවශ්‍ය ආයතනික පහසුකම් ලබා දෙනු ලබන අතර අදාළ පාඨමාලාවන් සම්මත විෂය මාලාවකට අනුකූලව අර්ධ කාලීන පාඨමාලාවක් ලෙස පවත්වාගෙන යනු ලැබේ. පාඨමාලාව තුළින් කුසලතාවයන් සංවර්ධනය කිරීමටද එය තුළින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඔවුන් විසින් සිදු කරනු ලබන සේවය වඩාත් කාර්යක්ෂමව කිරීමය.

මෙහිදී වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පැය 200 ක තොරතුරු තාක්ෂණ විෂයද පැය 50 ක ව්‍යාපාර කළමණාකරන විෂය පිළිබඳව පුහුණුවක් ලබා දෙනු ලබන අතර පුහුණුව අවසානයේ පවත්වනු ලබන ඇගයීමේදී එය සාර්ථකව අවසන් කරන පුහුණුලාභීන් හට සහතික පත්‍රයක් ලබා දෙනු ඇත.