Home
Students' Comments
ඩබ්ලිව්.සී.ඩබ්ලිව්. පරණවිතාන
සැලසුම් ශිල්පී පාඨමාලාව

සැලසුම් ශිල්පී පාඨමාලාව වසරක් පුරා හදාරන මා 2014 වසරේදී වැඩ ලොවට අවතීරණ වීමට සූදානම්ව සිටිමි. වෘත්තීය ක්ෂේත්‍රයේදි මනා හික්මවීමක් පළපුරුද්දක්, කාර්යශූර වෘතිකයෙක් ලෙස රැඳෙන්නට මෙම ආයතනයෙන් වෘත්තීය දැනුමක් පමණක් නොව පෞර්ෂය වර්ධනය, අභියෝග වලට මුහුණ දීම, සාමූහික ක්‍රියාකාරකම් වලදී අන්නොන්‍යමය සුහදතාවය රැකීම වැනි විෂය පරිබාහිර දැනුම පවා, වැඩමුළු හා දනුවත් කිරීමේ වැඩසටහන් තුලළින් ලබාදේ. උසස් අධ්‍යාපනය සිහිනය බොඳව යද්දී, ජීවිතය දිනන්නට මටත් තව වරක් අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පිළිබඳව මට ඇත්තේ මහත් ගෞරවයකි, හද පිරි භක්තියකි!

නදීකා ගුණවර්ධන
රූපලාවන්යව හා කොණ්ඩා සැකසුම් ශිල්පී පාඨමාලාව

මෙම ආයතනය මා ගේ මතකයන් අතරින් කිසිදා අමතක නොවෙන ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ඇති කළ ආයතනයක්. ජාතික වෘත්තීය පුහුණු ආයතනය මා හට ලබා දුන් නව බලාපොරොත්තුව විසින් මා දිරිමත් වුණි. රුපලාවන්‍ය හා කොණ්ඩා සැකසුම් ශිල්පී පාඨමාලාව හදාරා අනාගතයේ දක්ෂ නිරිමාණශීලී රුපලාවන්‍ය ශිල්පිණියක් ලෙස ජීවිතය දිනන්නට මා දැන් සුදානම්ව සිටිමි.මා වැනි තව බොහෝ දෙනා දක්ෂතාවය හැකියාව ඇතත් යා යුතු මග සොයා ගත නොහැකිව අනවබෝධයෙන් සිටින විටදී මා එවැනි වූ සියලු දෙනාට මහත් සතුටින් දැනුම් දෙන්නේ, ඉතාම විනායානුකූල වැදගත් පරිසරයක අංග සම්පූර්ණ පහසුකම් යටතේ අධ්‍යාපනය ලබන්නට ඔබත් මා මෙන් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා එක්වන්න.

ඔශිකා ග්‍රේශානි බුලත්සිංහල
තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර පාඨමාලාව

ඔබට අවශ්‍ය තොරතුරු තාක්ෂණ ශිල්පියෙක් වීමටද,රූපලවන්ය ශිල්පියෙක් වීමටද, සූපවේදියෙක් වීමටද,ප්‍රමාණ සමීක්ෂණ ශිල්පියෙකු වීමටද, එසේත් නොමැති නම් මෝටර් රථ කාර්මික ශිල්පියෙකු වීමටද, මේ ආකාරයට විවිධ වූ වෘත්තියන්හි නියැලීමට අධ්‍යාපනික දැනුම , වෘතීයමය දැනුම, වෘත්තීය පුහුණු අධිකාරිය මගින් දැන් අපිට සලසා දෙනු ලබයි. එමෙන්ම මෙම ආයතනය තුළ පාඨමාලාවන් සාර්ථකව නිම කරන සිසුන් සෑම දෙනෙක් හටම ඒ ඒ පාඨමාලාවට අයත් වෘතියමය ක්ෂේත්‍රයන්හි හි පුහුණුවද ලබා දීම සිදුකරයි.එමගින් ලැබෙන පුහුණුව තුළින් ඔබට මුළු රටම පිළිගත් වෘත්තිකයෙකු වීමේ හැකියාව ලැබේ. මෙම පාඨමාලා සියල්ලම මෙහෙයමවීම සදහා ප්‍රවීණ ,දක්ෂ ඇදුරු මඩුල්ලක් සිටින අතර ශිෂ්‍යන්ගේ ගේ සුව පහසුව සදහා වායු සමනය කරන ලද දේශන ශාලා ද පවතී.ගුරුමණ්ඩලය විසින් සිසුන් හට නිවැරදිව ප්‍රයෝගික දැනුම ලබා දෙන අතර සිසුන් පිළිබදව ද පෞද්ගලිකවද සොයා බලනු ලබයි.අප මධ්යනස්ථානය තුළ සිටින විවිධ ප්‍රදේශ වල සිට පැමිණෙන සිසුන් ඔවුනොවුන් අතර අන්‍යොන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් මධ්යෙස්ථානය තුළ ගත කරන කාලය හරි අපූරුයි.මෙවැනි වෘත්තීය පුහුණූ අධිකාරියක් තුළ මටද අධ්‍යාපනය ලැබීමට ලැබීම මා ලැබූ භාග්‍යකි .

හේෂාන් කලිඳු
ප්‍රධාන ශිෂ්‍යනායක

ශ්‍රී ලාංකික අධ්‍යාපන රටාවට අනුව, වර්තමානය වන විට අප පුහුණු මධ්‍යස්ථානයේ (නාරාහේන්පිට) පුහුණු ආධුනික ආධුනිකාවන් 400කට අධික ප්‍රමාණයක් වෘත්තීය දැනුම ලබා ගන්නවා. විනයවත් පරිසරයක් තුළ සියළු පහසුකම් වලින් සමන්විත න්‍යානාත්මක මෙන්ම ප්‍රයෝගිකව තමාගේ පාඨමාලාවට අවශ්‍ය පුහුණු දැනුම ලබා ගැනීමට පුහුණු ආධුනික ආධුනිකාවන් හට සුවිශේෂී අවස්ථාවක් සැලසී ඇත. ඔවුන් සතු සියළු දැනුම අප වෙත ලබාදෙනුයේ රටේ අනාගතය වන අප, යහපත් පුරවැසියෙකු හා දක්ෂ වෘතිකයෙකු කරවීමටයි.මෙම පාඨමාලා වලදී ජාතික වෘත්තීය සුදුසුකම් 5 වන මට්ටම දක්වා ලබා දෙන අතර පාඨමාලාව අවසානයේ අප වැඩිදුර පුහුණුව සදහා යොමු කරනුයේ අනාගතය තවදුරටත් සුරක්ෂිත කිරීමටය. අනාගතය ජය ගන්නට සිහින දකින අප හට ජාතික වෘත්තිය පුහුණු අධිකාරිය පින් බිමකි. චිරං ජයතු !